චීන සිගරට් ලංකාවට ගෙනාවොත් රාජිත මොකද කරන්නේ

Share

චින සිගරට් ලංකාවට ගෙන ආවොත් කිසි විටෙකත් එවැනි රජයක තමාට හෝ ජනාධිපතිවරයාට සිටිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද(01) උදෑසන කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

අද බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල එළි දැක්වීමේ වැඩසටහනක පැමිණීමට තමාට ආරාධනා කිරීම ගැන ජනාධිපතිවරයාට ස්තූති වන්ත වන බව ද පැවසු අමාත්‍යවරයා, 2015 ජනවාරි මස 8 වන දා රටේ ඇති කල වෙනස තුළින් මෙම සටහන ආරම්භ කල බව ද පැවසීය.

කෙසේ වෙත්ත අතීතයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වත්මන් ජනාධිපතිවරයා මෙම සටහන ආරම්භ කරමින් දුම්කොළවලට විරුද්ධව නොයෙක් විදි විදාන ගෙනා බවත් ඒ අනුව සියයට 80 ක රූපමය අවවාදය ගෙන ඒමට හැකි වු බව ද රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.

එයට එරෙහිව ජනාධිපතිවරයාට පහුගිය රජය සමයේ විත්ති කූඩුවට නැඟීමට සිදුවු බවත් පැවසු අමාත්‍යරවයා, උසාවියෙන් එය සියයට 60 දක්වා අඩු කල බව ද පැවසීය.

පසුගිය මැතිවරණය මත්ද්‍රව්‍ය හා සෞඛ්‍ය ගැන වේදිකාවට පැමිණි එකම මැතිවරණ ව්‍යාපාරය බව ද සඳහන් කළ අමාත්‍යවරයා මත්ද්‍රව්‍යවල ඉහළින්ම ඇත්තේ දුම්කොළ බවත් එයින් පසුව අනෙක් මත්ද්‍රව්‍යවලට යොමු වන බවත් පැවසීය.

ජනපති ආරම්භ කල සටන එතැන් සිට තමා ඉදිරියට ගෙන ගිය බව ද පැවසු අමාත්‍යවරයා,ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්වැටි සම්බන්ධ ප්‍රඥප්ති 22 න් 20 ක් කර අවසන් රට බවට ලංකාව පත්ව ඇති අතර, ඉතිරි 2ක සිදු කිරීමෙන් දුම්කොළ ප්‍රඥප්තිය ක්‍රියා කල පළමු රට බවට ලංකාව පත්වෙන බව ද සඳහන් කළේය.

මේ අතර, ඇතැමුන් චින සිගරට් ලංකාවට ගෙන ඒමට සුදානමින් එය හොරොන් ලංකාවට ඒම නිසා එය සිදු කරන බව ද පැවසුවත් එහි වගකීම ඇත්තේ රේගුව ඇතුළු සෙසු පාර්ශවයන්ට බව ද රාජිත සේනාරත්න මහතා පැවසීය.

කෙසේ වෙතත් හෙට(02) දිනයේ දී මේ ගැන කැබිනට් මණ්ඩලයේ දී කථා කිරිමට තමා සුදානම් බවද පැවසු අමාත්‍යවරයා, දරුවන් මත් උවඳුරෙන් බේරා ගන්න ජනපති විසින් සිදු කරන මෙම ක්‍රියාවලියට සම්පූර්ණ ශක්තිය ලබා දෙන බව ද කියා සිටියේය.

Read more

Local News