STF මෙහෙයුමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී

ගලහ, වෙදහැක වත්ත ආස්න රක්ෂිතයේ පුකුරුස්ස මාර්ගයේ තිබී පුපුරණ ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් ඊයේ(30) රාත්‍රීයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන තිබේ.

ගම්පොළ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ගලහ පොලිස් ස්ථානයේ නිලධාරීන් ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුමකදී මෙම පුපුර පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.

එහිදී වෙඩි බෙහෙත් ග්‍රැම් 2800ක්, ආමෝනියා ග්‍රෑම් 1700ක්, ජෙලනයිට් නිල්පැහැති කරල් 04යි, ජෙලනයිට් හිස් කරල් 03ක් සහ සාමාන්‍ය සේවා නුල් මීටර් 14.5ක් සොය ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.

Exit mobile version