දේශපාලන ගුරු පත්වීම් වහා අවලංගු කරන්න

ඇතැම් පුද්ගලයින්ගේ හිතවත්කම් මත අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදීමට සූදානම් වන පත්වීම් වහා අවලංගු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඊයේ (30) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

පසු ගිය 28වදා විජේකලා මහේෂ්වරන් අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ස්වෙච්ඡා ගුරු පත්වීම් 1118ක් ලබා දුන් බවත් ඒ අතර අවුරුදු 50 ඉක්මවු පිරිසක් ඉන්නා බවත්  ලේකම්වරයා පැවසීය.

මෙවැනි පත්වීම් ලබා දුන් විට සිදුන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවටද ඔහු චෝදනා කළේය.

එමෙන්ම ඉදිරියේදි ලබා දීමට නියමිත ගුරු පත්වීම් 400ක් පමන ලබා දෙන්නේ අමාත්‍යවරුන් තිදෙනෙකුගේ ලැයිස්තුවකට බවද ඔහු අවධාරණය කළේය.

Exit mobile version