යතුරුපැදි මිල අඩු වෙනනේ මෙහෙමයි…

Share

පසුගියදා (17 වෙනිදා) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද බදු සංශෝධන තුල 150සීසී ට වඩා අඩු එන්ජින් ධාරිතාවකින් සමන්විත යතුරුපැදි සඳහා 90% ක බදු සහනයක් ලබා දී තිබෙනවා.
එම බදු සහනය පසුගිය 17 වෙනිදා සිට බලාත්මක වන බව අමාත්‍යවරයා එහිදි සඳහන් කලා.

ඒ අනුව එන්ජින් ධාරිතාව 50සීසී මට්ටමට වඩා අඩු යතුරුපැදියක මිල රු.50,000 කින් පමණද, එන්ජින් ධාරිතාව 50සීසී සිට 150සීසී දක්වා යතුරුපැදියක මිල රු.100,000 කින් පමණද අඩු වනවා.

Read more

Local News