ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් කොටුගොඩ දී අල්ලයි

ජා ඇල, කොටුගොඩ ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි කොටුගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ඔහු අද(03) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය සිදු කරයි.

Exit mobile version