රත්නපුර මහ සමන් දේවාල වාර්ෂික ඇසළ පෙරහර 22දා සිට

Share

රත්නපුර ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර වෙනුවෙන් කප්සිටුවීම 22දා සිදුකරන බව එහි බස්නායක නිලමේ කමල් රත්වත්තේ මහතා පවසයි.
ඇසළ පෙරහර තුනකින් සමන්විත වන අතර කුඹල් පෙරහර 22දා සිට 26දා දක්වා පැවැත්වෙන අතර දෙව්ලේ පෙරහර 27දා සිට 31දා දක්වා පැවැත්වේ. මහපෙරහර සැප්තැම්බර් 1දා සිට 05දා දක්වා පැවැත්වෙන අතර 06දා කළු ගඟේ රත්මල් ඇල්ල ප්‍රදේශයේ දී දියකැපීමෙන් අනතුරුව දහවල් පෙරහරින් පසු රත්නපුර සමන් දේවාල ඇසළ පෙරහර මංගල්‍ය අවසන් වේ.

Read more

Local News