වීදි පිරෙන පාද සටන අද නුගේගොඩට

ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනවට සමගාමීව සංවිධානය කරන විරෝධතා පා ගමන අද මොරටුවේ සිට නුගේගොඩ දක්වා ගමන් කිරීමට නියමිතයි.

රට අරාජික කළ, මහජන ආරක්ෂාව බිලිදුන් ආණ්ඩුව පලවාහරින, වීදි පිරෙන පාද සටන ලෙස පා ගමන ඊයේ ආරම්භ වූයේ කළුතර නගර මධ්‍යයෙනි.

වාද්දුව, පානදුර නගර පසු කරමින් පැමිණි පා ගමන, ඊයේ නිමා වූයේ මොරටුව නගරයෙනි.

අද උදෑසන මොරටුවෙන් ආරම්භ කරන පා ගමන නුගේගොඩ දක්වා පැමිණීමට නියමිතයි.

අනතුරුව අද පස්වරු 3 ට නුගේගොඩ විරෝධතා රැළියක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

Exit mobile version