කිලිනොච්චියේ ළිඳකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

කිලිනොච්චිය, පරවිපාන්චාන් ප්‍රදේශයේ ළිඳක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(08) සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

කලක් අතහැර දමා තිබු ළිඳක් පිරිසිදු කරන අවස්ථාවේ අදාළ පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇති බවයි කිලිනොච්චිය පොලිසිය පැවසූවේ.

ටි 56 වර්ගයේ ගිනි අවි පතුරම් තොගයක්, මෝටාර් උණ්ඩ දෙකක් හා තවත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් එලෙස හමුවු බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව පොලීසිය වැඩිදුරටත් පැවසූවේ ගෙවත්ත අයිතිකරු ලබාදුන් තොරතුරක් මත පොලිස් නිළධාරීන් ගොස් අදාළ පුපුරණ ද්‍රව්‍ය ගො‍ඩගෙන ඇති අතර, සොයාගත් පුපුරණ ද්‍රව්‍යය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමට නියමිත බවයි.

Exit mobile version