හෙරොයින් සමඟ කතක් පෑලියගොඩ දී අත්අඩංගුවට

පෑලියගොඩ පොලිස් වසමේ මෑවැල්ල, 40 වත්ත, ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ සැකකාරියක් ඊයේ(16) උදෑසන 9.00 ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 30 යි මිලිග්‍රෑම් 150 ක් සන්තකයේ තබා ගෙන සිටි මෙම කාන්තාව අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත් සැකකාරිය වයස අවුරුදු 31 ක් වු කැලණිය, ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව අනාවරණය වී තිබේ.

සැකකාරිය ඊයේ අළුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Exit mobile version