අද රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගුයි

අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කර තිබෙන බව වාර්තා වෙයි.

පොල්ගහවෙල සහ පොතුහැර අතර දුම්රිය හරස් මාර්ගයක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම රාතී‍්‍ර තැපැල් දුම්රිය 08 අවලංගු කර තිබේ.

ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ, මඩකලපුව, තලෙයිමන්නාරම සහ ති‍්‍රකුණාමලය බලා ධාවනය වීමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රියත් ඊට අමතරව එම දුම්රිය ස්ථානවලින් කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත රාතී‍්‍ර තැපැල් දුම්රිය හතරද අද දිනයේ ධාවනය නොවන බවයි වාර්තා වන්නේ.

Exit mobile version