දිස්ත්‍රික් කීපයකට නායයෑම් අවදානම තවදුරටත්

Share

රත්නපුර, නුවරඑළිය, ගාල්ල, මාතර, මාතලේ, හම්බන්තොට, මොනරාගල, කළුතර හා බදුල්ල දිස්ත්‍රික්කවල පවතින නායයෑමේ අවදානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ වැලිගොපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ මෙන් ම කොලොන්න, අයගම, බළංගොඩ, කහවත්ත, කුරුවිට, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසහ සහ ඒ අවට ප්‍රදේශ, ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, නාගොඩ, බද්දේගම, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, පිටබැද්දර සහ කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසහ සහ ඒ අවට ප්‍රදේශ, මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන සහ ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසහ සහ ඒ අවට ප්‍රදේශ, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහා මෙලෙස නායයෑම් අනතුරු නිවේදන නිකුත් කොට ඇත.

Read more

Local News