මාවනැල්ලේ බුදු පිළිම හානි කළ සිද්ධියේ සැකකරුවන් 15ක් යළි රිමාන්ඩ්

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 15 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් අද(25) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ආගෝස්තු 08 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වෙයි.

සිද්ධියට අදාළව මීට පෙර සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version