ළඟදීම අභ්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක් එළිදක්වනවා

අභ්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක්  සහ කර්මාන්ත ප්‍රතිපත්තියක් නුදුරේදීම හඳුන්වා දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

ඊයේ (27) පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එවෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

නිදහසින් පසු අවුරුදු 71ක් ගත වුවද රටේ අභ්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක් සහ කර්මාන්ත ප්‍රතිපත්තියක් නොතිබු බවත් එනිසා එම ප්‍රතිපත්ති දෙක එළිදැක්වීමට කටයුතු කරමින් සිටින බව ඒ මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version