සමෘද්ධිය දේශපාලන ව්‍යාපාරයක් කළේ පසුගිය රජයයි

සමෘද්ධිය දේශපාලනීකරණය කිරීමේ වගකීම බාරගත යුත්තේ පැවති රාජපක්ෂ ආණ්ඩුව බව සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

තමා ලක්ෂ 6ක පිරිසකට සමෘද්ධිය ලබා දීමට අයවැයෙන් මුදල් ඉල්ලා සිටි බවත් ඒ සඳහා ද දිළඳු බව වැඩි කරන බවට දෝෂාරෝපණ එල්ල වන බවද ඒ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයෙන් ජනසවිය ආරම්භ කළේ අවුරුදු 2කට සමෘද්ධිය ලබා දීමට බවත් නමුත් පසුගිය රජය මෙය දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරගෙන ලක්ෂ 14කට සමෘද්ධිය ලබා දුන්න ද බලගැන්වීමට නොහැකි වී ඇති බව දයා ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය

Exit mobile version