2005 වසරේ සිදුකළ පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණයෙන් එකම පවුලේ දෙදෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව ඊයේ(09) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
2005 වසරේ ගොකරැල්ල පොලිස් වසමේ යක්කල ඉන්ධන පිරවුම්හලේ සේවය කළ කාන්තාවක ඝාතනය කර ඇය සතුව තිබූ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව විභාග වී තිබේ.
ඒ අනුව වයස අවුරුදු 41ක් සහ 50ක් වු චූදිතයින් දෙදෙනාට කුරුණෑගල මහාධිකරණය ඊයේ මෙලෙස මරණ දඬුවම නියම කළේය.