බදුල්ලේ රැල්ල අදයි

Share

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පිළිගැනීමේ විශේෂ උත්සවයක් අද(12) බදුල්ලේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 04.00ට බදුල්ල වීල්ස් පාක් ක්‍රීඩාපිටියේදී මෙම සමුළුව පැවැත්වීමට නියමිතයි.

උත්සවයේ පෙර සූදානම පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ(11) එම ස්ථානයට පැමිණි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ පොදු අරමුණ වී ඇත්තේ පොදු අපේක්ෂකයෙක් පත් කිරීම හෝ අයියාගෙන් මල්ලිට දෙන අපේක්ෂත්වයක් නොවන බවද පැවසු අමාත්‍යවරයා, එය එක් ගමකට පමණක් සීමා වු දෙයක් නොවන බවද  පැවසීය.

රටේ අපේක්ෂකයා ලෙස පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම අද දිනයේ අරමුණ බවත්, ලොකු ශක්තියක් පෙන්විය හැකි දිනයක් ලෙස අද දිනය තුළ ලංකාවේම රැල්ල නිර්මාණය වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

බදුල්ලේ රැල්ලෙන් එය ආරම්භ වන බවත්, රටේ අපේක්ෂාව තියෙන පුද්ගලයාව අද දිනයේ දී  ගෙන එන බවත් ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද දිනයේ පළමු වෙඩිමුරය තබමින් එයට හොඳ ආරම්භයක් ලබා ගන්නා බවත් හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.

Read more

Local News