හොංකොං ගුවන්තොටුපොළ යළි විවෘත වෙයි

වසා දැමූ හොංකොං ගුවන්තොටුපොළ අද යළි විවෘත කර තිබේ.

හොංකොං ගුවන්තොටුපොළ ඊයේ වසා දැමුනේ එහි පර්යන්තය තුළ පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හමුවේ ගුවන්තොටුපොළේ කටයුතු අඩාලවීම හේතුවෙනි.

මෙම තත්ත්වය ත්‍රස්තවාදයට සමාන කළ චීනය, විරෝධතාකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදෙන බවට තර්ජනය කර තිබේ.

ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ අතරින් එකක් ලෙස සැලකෙන හොංකොං ගුවන්තොටුපොළ වසා දැමීමෙන් මගීන් දහස් ගණනක් දැඩි දුෂ්කරතාවයට පත් විය.

Exit mobile version