හමුදාව ශක්තිමත් බව යුධ හමුදාපති කියයි

ඕනෑම සතුරෙකුට මුහුණදිය හැකි ආකාරයෙන් හමුදාව ශක්තිමත්ව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේ දී මුහුණදිය යුතු සතුරා පිළිබඳව අධ්‍යයනය කොට ඊට මුහුණදිම සඳහා අවශ්‍ය ශක්තිය යුධ හමුදාව තුළ ඇති කිරීමට උත්සාහ කරන බවයි.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මෙම අදහස් පළ කළේය.

Exit mobile version