වැලිකඩ පුහුණු පාසලේ ජේලර්වරයා ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

පසුගිය 13 වනදා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 790ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන දින 07ක් රඳවා තබා ගැනිමේ නියෝග මත අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන ලදී.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් පසුගිය 03 වනදා යතුරුපැදියකින් පැමිණි වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයෙකු වන තිලිණ රුවන් තිහාර ජයරත්න යන අයට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බව අනාවරණය වී ඇත.

මොහු අවුරුදු 27ක් වු ගාලුපාර, තිරාණගම, හික්කඩුව ලිපිනයේ පදිංචි පින්නදුවගේ මංජුල රංග කුමාර යන අය යි.

සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කර ඔහුගේ ප්‍රකාශ මත ඔහු පදිංචිව සිටි නිවසේ සඟවා තිබු ටී 56 අවිය සඳහා භාවිතා කරනු ලබන සජීව පතොම් 63ක් හා විවිධ වර්ගයේ සිම් කාඩ් පත් 15ක් සොයාගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා අද (20) හෙරොයින් සන්තයේ තබා ගැනීමේ චෝදනාව මත බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ජේලර්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ මංජුල රංග කුමාර නැමැති සැකකරුට ඉහත ඝාතනයට අධාර අනුබලදීමේ චෝදනාව සඳහාද අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

Read more

Local News