GMOA බ්‍රහස්පතින්දා වර්ජනය කරයිද ?

තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීම ඇතුළු කරුණු 08ක් මුල්කරගනිමින් ලබන 22වනදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ ඒ සම්බන්ධව මධ්‍යම කාරක සභාව ඒකමතික තීන්දුවක් ගත් බවයි.

ඒ අනුව කොළඹ අපේක්ෂා රෝහල සහ තවත් රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල් වල වැඩ වර්ජනය ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම වර්ජනය ක්‍රියාත්මක වන රෝහල් වල අත්‍යවශ්‍ය සේවා සිදුකෙරෙන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version