දහම් පාසල් අවසන් විභාග ප්‍රතිඵල නිකුත් කරයි

Share

2018 වසර දහම් පාසල් අවසන් විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.

මේ වන විට විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පවසයි.

පසුගිය 2019 මාර්තු මස 16 හා 17 යන දෙදින තුළ දහම් පාසල් අවසාන විභාගය පැවැත්විය.

මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් 125,642 ක් අයඳුම් කර තිබෙන අතර ඒ අතුරින් අයඳුම්කරුවන් 77,643 දෙනෙක් විභාගයට පෙනී සිට ඇත.

අයඳුම්කරුවන් 35,421 මෙවර විභාගය සමත් වී ඇති අතර, ඌණ සමත් සංඛ්‍යාව 15,237 ක් බවද විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 868 ක පැවති විභාගය උත්තර පත්‍ර ඇඟයීම් කටයුතු මධ්‍යස්ථාන 47 ක දී සිදු කරනු ලැබීය.

විභාග ප්‍රතිඵලයන් www.doenets.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

Read more

Local News