වැලිකඩ පුහුණු පාසලේ ජේලර්වරයා ඝාතනයට තවත් අයෙක් හික්කඩුවේ දී අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජේලර්වරයාට වෙඩි තැබිම සඳහා යොදා ගත් යතුරුපැදියේ හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

සැකකරු 25 හැවිරිදි හික්කඩුව, පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු අද (22) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කළේය.

අම්බලන්ගොඩ, කූලිගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා වැලිකඩ බන්ධනාගාර පාසලේ ප්‍රධාන ජෙලර්වරයා පසුගිය 03 වනදා ඝාතන කරනු ලැබුවේය.

Exit mobile version