හංවැල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

හංවැල්ල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (25) රාත්‍රීයේ වෙඩි තබා ඝාතනය කර තිබේ.

හංවැල්ල පොලිස් වසමේ පහත්ගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වු මුහුණු ආවරණය කර ගත් යතුරු පැදියකින් පැමිණී පුද්ගලයෙකු එම නිවසේ හිමිකරුට සහ තවත් පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් ඇත.

වෙඩි වැඳීමෙන් බරපතල තුවාල ලැබු අදාළ පුද්ගලයින් දෙදෙනා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි සහ 32 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.

කවුරුන් විසින් කුමන හේතුවක් මත අදාළ ඝාතනය සිදුකළේද යන්න මේ වනතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර හංවැල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version