ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරිය හා විපක්‍ෂ නායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් H.E. Robina Marks මැතිනිය හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතර හමුවක් පවත්වා තිබේ.

අද (27) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී මෙම හමුව පවත්ව ඇති බව විපක්ෂ නායක මාධ්‍ය අංශය පවසයි.

ඉදරියේදී රටවල් දෙක අතර සංස්කෘතික හා ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වන බව මහ කොමසාරිස්තුමිය මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතාද එක්වූහ.

Exit mobile version