වන අලි සංගණනයක් සැප්තැම්බර් මස දී

Share

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවම මඟින් සැප්තැම්බර් මස 13 සිට 15 දක්වා දීපව්‍යාප්තව වන අලි සංගණනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ඉදිරි 13 සිට 15 දින දක්වා දිවයිනේ සියලු සංචාරක උද්‍යාන තුළ ඇති සංචාරක නිවාස හා නැරඹීමද නවතාලීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

වන අලින් වෙසෙන ලංකාවේ සියලු වනජීවී කාර්යාල නිලධාරීන් හා ප්‍රජා දායකත්වය මත විවිධ ක්‍රමව්දයන් භාවිතා කරමින් විශේෂයෙන්ම වන අලින් ගැවෙසෙන ජල මුලාශ්‍ර පදනම් කරගනිමින් මෙම වන අලි සංගණනය කිරීමට සැලසුම් කර තිබේ.

මේ තුළින් වන අලින් පිළිබඳව විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමට සිදු කෙරෙන අතර එහිදී වන අලින්ගේ පැතිරීම, ගහන ගණත්වය, වයස් සීමාවන් එහිදී වැඩි මහලු, තරුණ, ළමා, ළදරු වසයෙන් කොටස් වසයෙන් හා ගැහැණු පිරිමි සම්බන්ධයෙන්ද මෙහිදී විශ්ලේෂණය කරනු ලැබේ.

Read more

Local News