මධ්‍යම කඳුකරයට තද වැසි – කාසල්රි, මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ඉහළට (ඡායාරූප)

Share

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (29) රාත්‍රියේ සිට කඩින් කඩ තද සුළං සමඟ තද වැසි පතිත වෙමින් පවති.

පවතින අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහල යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

අද (30) අලුයම වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 8 දක්වාත්, මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 14 දක්වාත් ආසන්න වි ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශල ජල මට්ටම ඉහල යාමත් සමඟම කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරෙන්ද්‍ර යන විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

Read more

Local News