පේදුරුතුඩුව ධීවර වරායේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Share

පේදුරුතුඩුව ධීවර වරායේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) පෙරවරුවේ සිදු විය.

“මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්” මෙන්ම “ධීවර ක්ෂේත්‍රය සඳහා වන තිරසර ධීවර කර්මාන්තය තුළින් දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛයා බවට පත්වීම” ඉදිරි දැක්මේ තවත් පියවරක් තබමින් උතුරේ ධීවර කර්මාන්තය නංවාලීමේ වැඩසටහන යටතේ ඉදිකෙරෙන මෙම ධීවර වරාය ලංකාවේ මෙතෙක් ඉදිකරන විශාලතම ධීවර වරාය වන අතර ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 12,600කි.

විශාල ප්‍රමාණයේ බහුදින යාත්‍රා 300කට එකවර පහසුකම් සැපයීමට හැකි මෙම වරාය හෙක්ටයාර 7.1ක වපසරියකින් සමන්විත අතර වරාය බේසම හෙක්ටයාර් 18.6කි.

වරායේ දිය කඩනයන් පිළිවෙලින් මීටර් 880කින් හා 480කින් යුක්ත ය.

ලෝකයේ ඇති නවීනතම ධීවර යාත්‍රා ආරක්ෂිතව හැසිරවීම, අස්වනු ගොඩබෑම, ඉන්ධන හා අනෙකුත් දෑ පැටවීම, යාත්‍රා අලුත්වැඩියාව, අයිස් හා ශීතාගාර පහසුකම්, යාත්‍රා සඳහා උපකරණ ලබා ගැනීම, මත්ස්‍ය අලෙවිය, දැල් සැකසීම, වෙළෙඳ සල්, රැස්වීම් සහ සාකච්ඡා පහසුකම්, වෙරළාරක්ෂක සේවා, ධීවර දෙපාර්තමේන්තු නිලධාරින්ගේ සේවා වැනි අංග සම්පූර්ණ පහසුකම් සහිත ධීවර වරායක සේවා මෙහි දී ලබාගත හැකිවනු ඇත.

Read more

Local News