ක්‍රීඩා පනත යටතේ නියෝගය විවාදයට

ක්‍රීඩා පනත යටතේ නියෝගය අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අදාළ නියෝගය විවාදය සඳහා ඉදිරිපත් කළේ ය.

ග්‍රාමීය මට්ටමේ සිට කොළඹ සිටින නිලධාරියා දක්වා ක්‍රීඩා නිලධාරීන් විශාල වැඩකොටසක් කරනවා. ක්‍රීඩාව සම්බන්ධව විශාල අත්දැකීම් තිබෙන පුද්ගලයන් සිටිනවා. මීට පෙර පළාත් සභාවල ක්‍රීඩා නිලධාරීන්ට නිලතල දැරීමට තහනමක් තිබුණේ නෑ. ක්‍රීඩා නිලධාරීන් විශාල සේවයක් කරනවා. ඔවුන්ගේ අත්දැකීම් ක්‍රීඩාවට යොදා ගන්න පුළුවන්. ක්‍රීඩා සංගම්වල නිලතල දැරීමට ඔවුන්ට තිබෙන බාධාව ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා  විවාදයේ දී ප්‍රකාශ කළේ ය.

Previous articleසංවර්ධන සහකාරවරුන් 20,000 ක් බඳවා ගන්නවා – අගමැති
Next article”පළාත් සභා ඡන්ද විමසීම් ( සංශෝධන )” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ තීරණය සභාවට දන්වයි