සජිත්ගේ කුරුණෑගල රැළිය නොපවත්වන්නැයි පක්ෂ නායක දැනුම් දීලා ?

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ජනරැළිය නොපවත් වන ලෙස අදාළ අංශ වෙත පක්ෂයේ නායකයා විසින් දැනුම් දී ඇති බව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් ක‍ළේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙහිදී කියා සිටියේ කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ජනරැළිය පක්ෂ නායකයාගේ උපදෙස් පිළි පදින්නේ නැතිව සිදු වන ක්‍රියාවක් බවයි.

ඒ හේතුවෙන් තමන් කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා සහභාගී නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Exit mobile version