මහවිලච්චිය, උලුක්කුලම ප්රදේශයේදී වන අලි පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ.
වන අලි පැමිණ ඇති බවට ශබ්දයක් ඇසීම හේතුවෙන් නිදා සිටි අදාල කාන්තාව නිවසින් එළියට පැමිණ බැලීමේදී අදාල පහරදීම සිදුව ඇති බව පොලිසිය පවසයි..
පහරකෑමෙන් බරපතල තුවාල ලැබු අදාල කාන්තාව මහවිලච්චිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 58 හැවිරිදි උලුක්කුලම ප්රදේශයේම පදිංචිව සිටි කාන්තාවක්.
මෘත ශරිරය මහවිලච්චිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද (04) සිදු කිරිමට නියමිතයි.