මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ 14 දෙනා අධිකරණයට

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කාන්තාව ඇතුළු සැකකරුවන් 14 දෙනා අද (05) උදෑසන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කීපයක බුදුපිළිමවලට හානි කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Exit mobile version