ජපානයේ දුම්රිය අනතුරකින් 35කට තුවාල

Share

ජපානය ටොකියෝ නුවර ආසන්න දුම්රිය හරස් මාර්ගයකදී  සිදු වූ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා තිබේ.

පළතුරු ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරින් තුවාල ලැබූවන් අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව ද සදහන්.

ජපානයෙන් වාර්තා වී ඇති දරුණුතම දුම්රිය අනතුර 1947 වසරේ පෙබරවාරි මාසයේදී සිදුව ඇති අතර ටොකියෝ නුවර ආසන්නයේ සිදු වූ එම අනතුරින් පුද්ගලයින් 184 දෙනෙකු මියගොස් තවත් 500කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.

Read more

Local News