කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ තිදෙනෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව සහ කල්මුණේ සුරාබදු කාර්යාලය එක්ව ඊයේ (05) දින අක්කෙරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, ගිණිකොණ නාවික විධානය සහ කල්මුණේ සුරාබදු කාර්යාලය එක්ව අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකටයුතු යතුරු පැදියක් නිරික්ෂණය කර ඇති අතර, එය වැඩිදුර පරික්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා ප්‍රමාණය සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඔවුන් ගමන්ගත් යතුරු පැදියද නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම සැකකරුවන් තිදෙනා, යතුරු පැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා අම්පාර සුරාබදු කාර්යාලය වෙත බාර දීමට කටයුතු කරන ලදි.

Read more

Local News