මැතිවරණ කාෙම්සමෙන් දේශපාලන පක්ෂවලට දැනුම් දීමක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දුන් බව මැතිවරණ කොමිසම පවසයි.

ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණ සූදානම පිළිබඳව පසුගිය දිනවල පැවති සාකච්ඡාවලදී එම දැනුම් දීම කළ බවය.

ජනාධිපතිවරණයේ පූර්ව සැලසුම් සකස් කිරීම සඳහා එය පහසුවක් වන බැවින් දේශපාලන පක්ෂ වෙත එම දැනුම් දීම කළ බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්ෂය මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දී තිබේ.

Exit mobile version