හැඳුනුම්පත් නිකුත් කිරීමේ දකුණු පළාත් කාර්යාලය අද විවෘත කරයි

Share

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දකුණු පළාත් කාර්යාලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(06) විවෘත කිරීමට නියමිතයි.

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ එම කාර්යාලය ස්ථාපිත කර ඇත.

මෙමඟින් දකුණු පළාතේ මෙන්ම වෙනත් ඕනෑම පළාතක පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත් ලබා ගත හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News