ශ්‍රීලනිපයේ සහ පොහොට්ටුවේ සාකච්ඡා ඇරඹේ

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 08 වන වටයේ සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී මේ වන විට ආරම්භ කර ඇත.

අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ සහභාගී වන නියෝජිත පිරිසේ ද වෙනස්කම් සිදුව තිබෙන බවටයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සාකච්ඡාවට සහභාගී වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්.පීරිස් සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහභාගී වී ඇති බව වාර්තා වෙයි.

Read more

Local News