Home දේශීය පුවත් A/L දෙවන අදියරේ ඇගයීම් සඳහා පාසල් 28ක් යොදා ගනී

A/L දෙවන අදියරේ ඇගයීම් සඳහා පාසල් 28ක් යොදා ගනී

0
A/L දෙවන අදියරේ ඇගයීම් සඳහා පාසල් 28ක් යොදා ගනී

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයිම් මධ්‍යස්ථාන ලෙස පාසල් 28ක් යොදා ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ලබන 15 වන ඉරිදා දිනයේ සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා දෙවන අදියරේ ඇගයිම් කටයුතු සිදුකිරීමට නියමිතයි.

ඒ සඳහා යොදාගන්නා පාසල් 28න් 04ක් අදාළ කාලය තුළ සම්පුර්ණයෙන්ම වසා තැබෙන අතර සෙසු පාසල් 24 කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, මාතර මහනාම විද්‍යාලය සහ කුරුණෑගල ලක්දාස් ද මෙල් විද්‍යාලය ලබන 15 වන සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා සම්පුර්ණයෙන්ම වසා තැබෙන පාසල් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here