පැමිණිල්ලක් ගැන ජනාධිපති පරීක්ෂණ කොමිසමෙන් විමර්ශන අරඹයි

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 06 කට අධික ආදායම් අහිමි කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත රාජ්‍ය ආයතන වල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.

සංස්ථාවේ තොරතුරු තාක්ෂණ අංශයේ ක්‍රියාවලියට පටහැනිව තෝරාගත් ඉන්ධනහල් හිමියන්ගේ සංස්ථා ඉන්වොයිස්පත් අහෝසි කරමින් හා පිරිවැය මධ්‍යස්ථාන මාරු කරමින් රුපියල් කෝටි හය හමාරක ආදායමක් අහිමි කර ඇති අදාල පැමිණිල්ලේ සඳහන් වෙයි.

මීට අමතරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් සිදු කරන ලද අභ්‍යන්තර විගණන වාර්තා 3 කින් හා විමර්ශන වාර්තාවකින් සංස්ථාවට රුපියල් මිලියන 366 ක මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට සනාථ වී ඇත.

ඒ අනුව ලබන 11 වනදා අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන බව ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Exit mobile version