Home දේශීය පුවත් මීගහකිවුල දූලාළිද රක්ෂිතයේ ගින්නක්

මීගහකිවුල දූලාළිද රක්ෂිතයේ ගින්නක්

0
මීගහකිවුල දූලාළිද රක්ෂිතයේ ගින්නක්

මීගහකිවුල දූලාළිද රක්ෂිත ප්‍රදේශයේ මේ වන විට ගින්නක් පැතිර යමින් පවතින බවට වාර්තා වෙයි.

කිසියම් පිරිසක් විසින් අද (09) දහවල් 1.30 ට පමණ මෙම ගින්න තබා ඇති බව රක්ෂිතය පාමුල පිහිටි අග්ගලා උල්පත ගම්මානයේ පිරිසක් පවසා තිබේ.

ගින්න පැතිර යන ආකාරය පහළ ගම්වලට නිරීක්ෂණය වන අතර මාර්ග පහසුකම් නොමැති ඉතා දුෂ්කර කඳු වැටියක් මත මෙම රක්ෂීතය පිහිටා තිබීම නිසා ඒ කරා ළඟා වීම ඉතා අපහසු කටයුත්තක් බවද ජනතාව පවසා ඇත.

දූලාළිද රක්ෂීතය තුළ ඌරන් මුවන් ගෝනුන් ආදී වන සතුන් වෙසෙන අතර එම සතුන් දඩයම් කිරීමේ මුවාවෙන් මෙම ගින්න තබන්නට ඇති බවට වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here