වන අලි සමීක්ෂණය කල් දමයි

එළැඹෙන 13, 14 හා 15 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණය කල් දැමීමමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ දින වල ප්‍රදේශ ගණනාවක පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් මෙසේ සමීක්ෂණය කල් දමා තිබේ.

ඒ අනුව එම දින තුනේදී වසා දැමීමට තීරණය කර තිබූ සියලුම වනෝද්‍යාන සංචාරකයන් සඳහා විවෘතව තබන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Exit mobile version