ඒකීය ලංකාවක් තුළ උපරිම බලය බෙදා හැරීමකට මම එකඟයි

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදා හැරීමකට තමා එකඟ බව එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ යාපනය ප්‍රදර්ශනයේ ඊයේ සඳුදා (09) ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා, ප්‍රදර්ශන කුටි නැරඹීමෙන් පසු ප්‍රදර්ශන භුමියේ මාධ්‍ය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වූ අවස්ථාවේදී මේ බව පැවැසීය.

”එකක් පැහැදිලිව කියන්න ඕනේ. පිටරට ගියහම ධන වෙන, ප්ලස්වෙන, ආපහු ලංකාවට ආවම සෘණ වෙන, නෙගටිව් වෙන දෙබිඩි කතා මම ළඟ නැහැ. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදීමක් ඉෂ්ට සිද්ධ කරලා ඒ වැඩපිළිවෙළ තුළින් දේශපාලන සවිබලගැන්වීම, ආර්ථික සවිබල ගැන්වීම, සමාජීය සවිබලගැන්වීම, මේ හැම දෙයක්ම ඉෂ්ට සිද්ධවෙන ගමනක් අපි යන්නට බලාපොරොත්තු වෙනවා.

රටේ කිසිම ජන කොට්ඨාසයකට හැඟීමක් එන්නට හොඳ නැහැ අපි දෙවෙනි පන්තියේ තුන්වෙනි පන්තියේ පුරවැසියන් කියලා. අපි හැමෝම එකයි. එක රටක්, එක මාතෘභූමියක්, එක ජනතාවක්. එතනදී ජන කොට්ඨාස අනුව, ආගම අනුව උස් පහත් භේද නැහැ. සැවොම එකයි. සැවොමට සලකන්නේ එක විදිහට.”

Exit mobile version