වන අලි ප්‍රහාරයකින් මිත්තණිය හා මිණිබිරිය මරුට

Share

අම්පාර, මධ්‍යම කඳවුර පොලිස් වසමේ 16 කොළනිය, පන්සල ඉදිරිපිට දී වන අලියෙකු පහර දීමෙන් ඊයේ (10) සවස 6.45 ට පමණ කාන්තාවක් හා ඇගේ මිණිබිරිය ජිවතක්ෂයට පත්ව තිබේ.

අලියාගේ පහර දීමෙන් බරපතළ තුවාල ලැබු දෙදෙනා මධ්‍යම කඳවුර රෝහලට හා අම්පාර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

වන අලි පහර දීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 54 ක් වු සදනදපුර, වීරගොඩ ලිපිනයේ පදිංචි විදානලාගේ පුෂ්පකාන්ති යන කාන්තාවක් හා ඇයගේ මිණිබිරිය වන වයස අවුරුදු 6ක් වු අවිෂා දෙව්මිණි යන දැරියක් බව පොලිසිය පවසයි.

මිය ගිය දෙදෙනා නිවස අසල කඩයකට ගොස් එමින් සිටිය දී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇත.

මෘත ශරීරයන් මේ වන විට මධ්‍යම කඳවුර රෝහලේ හා අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර  මධ්‍යම කඳවුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News