මෙරට තහනම් සංවිධානයක් ලෙස නම්කොට ඇති ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයේ සැකකරුවන් 11 දෙනෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත බාරදී තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සැකකරුවන් පිරිසක් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාරදුන් බවයි පොලීසිය සඳහන් කළේ.
මොහොමඞ් මන්සූර් සෙයිෆුල්ලාහ්, මොහොම්මදු රියාල් මොහොමද් සාජිද්, මුස්තාක් අලි අම්හර්, මොහොමඞ් රම්සින් රුප්දි අහමඞ් සහ මොහොමඞ් තාමිර් හිදයතුල්ලා ඇතුලූ සැකකරුවන් 11 දෙනෙකු එම පිරිස අතරට අයත් වෙයි.



