රනිල්-සජිත් සාකච්ඡාවේ ප්‍රතිඵලය ගැන සුළු පක්ෂ දැනුවත් නෑ

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබදව එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සුළු පක්ෂ මෙතෙක් දැනුවත් කර නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි

එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රහණය කල හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන මතයේ සිය පක්ෂය සිටින බවයි.

Exit mobile version