2019 ජුනි මස 14 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ (10) කැබිනට් අනුමැතිව හිමිව ඇත.
පනත් කෙටුම්පත සලකා බැලීමට රැස්වූ ආංශික අධීක්ෂණ කමිටුව පනතට සංශෝධන කිහිපයක් යෝජනා කර ඇති අතර, නීති කෙටුම්පත් සම්පාදක විසින් එකී සංශෝධන කමිටු මට්ටමේ සංශෝධන ලෙස කෙටුම්පත් කර ඇත.
අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර ලබා දී ඇති තීරණය පරිදි පනත් කෙටුම්පතේ හරයට බලපාන කමිටු මට්ටමේ සංශෝධන සහිතව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පෙර අනුමැතිය පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු ව ඇත.
එබැවින්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමාත්‍යවරිය විසින් උක්ත කමිටු සංශෝධන සහ 2019 ජුනි මස 14 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර පසු අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කරන ලදී.