හැටන් ස්ට්‍රෙදන් වතුයායේ නිවාස 50 ක් සඳහා මුල්ගල තැබේ

Share

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ හැටන් ස්ට්‍රෙදන් වතුයායේ ඉදිකිරීමට නියමිත නිවාස 50 ක් සඳහා මුල්ගල් තැබීම පසුගිය දින කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදුවිය.
පර්චස් 07ක භූමි භාගයක ඉදිකෙරන එක් නිවාසයක් සඳහා වර්ග අඩි 550 කින් යුතු කාමර 2ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයක් ඇතුළත්ය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන සින්පොන්නයියා, එස් ශ්‍රීධරන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Read more

Local News