Home දේශීය පුවත් බන්ධනාගාර රැදවියන් පිරිසකට විශේෂ පිංකම් මාලාවක්

බන්ධනාගාර රැදවියන් පිරිසකට විශේෂ පිංකම් මාලාවක්

0
බන්ධනාගාර රැදවියන් පිරිසකට විශේෂ පිංකම් මාලාවක්

එළිමහන් සිරකඳවුරුවල පුනරුත්ථාපනය ලබන සිරකරුවන් 450 කගේ සහභාගිත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑරඳුන් අභියස විශේෂ පිංකම් මාලාවක් පැවැත්වීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබේ.

මේ මස 15 දා දින පස්වරු 2.00 ට පිංකම් මාලාව ආරම්භ වන අතර එම අවස්ථාව සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් සහභාගි වේ.

එදින පස්වරු 2.00 ට අනුරාධපුර සිංහ කණුව අභියස සිට රැදවියන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දක්වා පෙරහරින් ගොස් විශේෂ බෝධි පූජාමය පිංකමක් සඳහා සහභාගි වෙයි.

බෝධී පූජාමය පිංකමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිට රුවන්වැලි සෑ රදුන් අභියස දක්වා පෙරහරින් ගොස් පස්වරු 5.00 ට එහි පැවැත්වෙන විශේෂ අධිෂ්ඨාන පූජාව සඳහා ද රැදවියන් සහභාගි විමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here