Home දේශීය පුවත් බදුලු යන අයට විශේෂ දුම්රිය හතරක්

බදුලු යන අයට විශේෂ දුම්රිය හතරක්

0
බදුලු යන අයට විශේෂ දුම්රිය හතරක්

බදුල්ල සහ කොළඹ කොටුව අතර විශේෂ දුම්රිය හතරක් ධාවනයට යොදවා ඇති බව ශ්‍රි ලංකා දුම්රිය සේවය සඳහන් කළේය.

ඒ අදින් ඇරඹෙන දීර්ඝ සති අන්ත නිවාඩු දින හේතුවෙනි.

ඒඅනුව අද (13) පෙරවරු 07.10ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රියක් බදුල්ල දක්වා ධාවනය කෙරේ.

බදුල්ල දුම්රිය ස්ථානයේ සිට අද පෙරවරු 07.30ට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනය වීමට නියමිතයි.

ඊයේ (12) රාත්‍රි 07.35ට කොළඹ කොටුවෙන් පිටත් වු විශේෂ දුම්රිය අද අළුයම 04.43ට බදුල්ල දුම්රිය ස්ථානය වෙත පැමිණ තිබේ.

බදුල්ලෙන් ඊයේ රාත්‍රි පිටත් වු දුම්රියද අළුයම 05.26ට කොටුව දුම්රිය ස්ථානය වෙත ලඟා වු බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here