අ.පො.ස. සා.පෙළ විභාගයට ඉදිරිපත්වන සිසුන්ට අධ්‍යාපන ඇමැති සුබ පතයි

Share

අ.පො.ස.සාමාන්‍යපෙළ විභාගය සඳහා අද (12) දින පෙනී සිටින සියලු සිසුන්ට විභාගයට සාර්ථකව මුහුණ දී තම අනාගත කඩඉම ජයගැනීමට හැකි වේවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සුබ පැතුම් එක් කරයි.

මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 5,116 ක දී අපේක්ෂකයින් 688,573 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

අධ්‍යාපන අමත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, විභාගය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් සිදු කර අවසන් ව ඇති බවයි.

එසේම විභාග නීති රීති අනුව කටයුතු කරන ලෙස සියලු විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා දුම්රිය ප්‍රවාහන ගැටළු මතුවන්නේ නම් නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත තම දරුවන් යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

Read more

Local News