පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දුලක්ෂි ප්‍රනාන්දු ලබන 23 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
එසේම සිද්ධියට සම්බන්ධ ඇයගේ සහෝදරියට ඇප ලබා දීමට ද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ මන්ත්‍රීවරියගේ සහෝදරිය පසුගිය මස 19 වනදා වෙන්නප්පුව, සීනෝර් ප්‍රදේශයේදී පොලිසිය විසින් රඳවා ගත් අවස්ථාවේදී මන්ත්‍රීවරිය සිය පවුලේ සාමාජිකයින් සමඟ එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණි.